පාර්ලිමේන්තු ආපු කැලණි කැම්පස් එකේ අයට පෝස්ටර් ගහලා

කැළණිය විශ්ව විද්‍යාලයෙන් පාර්ලිමේන්තුවට පැමිණි ම්න්ත්‍රීවරුන්ට කිසියම් කණ්ඩායමක් පෝස්ටර් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබේ.

Uni – Kelani 88-89 සහෘදයින් යන කණ්ඩායමක් විසින් මෙම පෝස්ටර් අලවා තිබේ. එය අද උදෑසන වන විට පාර්ලිමේන්තු මාර්ගය සහ කොළඹ අවට අලවා තිබෙනු දක්නට ලැබුණි.

“මැති සබයට පැමිණෙන කැලණි වියතුන්ට මව්බිම සුරකින්නට ශක්තිය! ධෛර්යය!!” යනුවෙන් එම පෝස්ටරයේ සඳහන්ව තිබුණි.

මීට පෙර ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ට සුබ පතමින් සමාජ මාධ්‍ය පෝස්ට් පළවී තිබුණි. එයට එල්ලවූ විරෝධය හමුවේ ඇතැම් පෝස්ට් ඉවත් කරගෙන තිබුණි.

ඉන් පසුව මෙම පෝස්ටර ව්‍යයාපාරය ක්‍රියාත්මක වී තිබේ