මාතර, වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් 6 දෙනාද මෝසමක් මගින් මාතර අධිකරණයට අද (21) භාර වී තිබේ.
මෙම සිදුවීමට අදාළව එවක පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළුව මෙම නිලධාරීන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය මස 27වනදා නියෝගයක් ලබාදී තිබුණි.
කෙසේ නමුත් තෙන්නකෝන් මහතා අධිකරණය මගහැර සිටි පසුබිමක අභියාචනාධිකරණයේදී ඇතිකර ගත් එකඟතාව මත මූලික විමර්ශන අවසන් වනතෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළුව මෙම නිලධාරීන් අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබුණි.