අධිවේගී මාර්ගය හාරා හොයන නිධානය

මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පොළොව යට ඇති නිධානයක් සොයා කැණීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ,අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් නියෝගයකට අනුවයි.

වසර ගණනාවක සිට අවස්ථා කිහිපයකදීම මෙම ස්ථානය නිදන් හොරුන් විසින් හාරා ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙහි නිධානයක් නොමැති බව සඳහන් කර තිබුණා.

එහෙත් පොලිස් විශේෂ කාර්ය බලකාය කිසියම් දෙයක් පොළොව අභ්‍යන්තරයේ ඇති බව අනාවරණය කිරීමත් සමග අධිකරණය මගින් ලබාදුන් නියෝග පරිදි යළි කැනීම් අරඹා තිබෙනවා.