ජාතික ලැයිස්තුව ගැන තීරණයක් ගන්න සජබ අද රැස්වේ

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අද (22) අවසන් තීරණය ගැනීම සඳහා රැස්වී සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ වනවිටත් ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා දිවුරුම්දී ඇති අතර ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4 සඳහා නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිතයි.