අධිවේගී මාර්ගවල පිවිසුම් හා පිටවීම් දොරටුවල රාජකාරී කටයුතු සදහා අවශ්‍ය සේවකයින් බදවා ගැනීම නිසි පරිදි සිදු නොකිරීම නිසා එම රාජකාරී කටයුතු නිසි පරිදි සිදු නොවන බව අනාවරණය වේ.
මේ නිසා ඇතැම් අධිවේගී මාර්ග පිවිසුම් හා පිටවීම් දොරටු වසා දැමීමට සිදුව ඇත.
මේ නිසා අධිවේගී මාර්ගවල මේ දිනවල දැඩි වාහන රථ බදයක්ද ඇතිව තිබේ. විශේෂයෙන්ම දීර්ඝ නිවාඩු දින යෙදෙන දිනවලදී දිගු පෝලිම් ඇතිවීමට මෙම සේවක හිගය බලපා තිබෙන බවද අධිවේගී මාර්ගයේ රාජකාරී කටුයතුවල යෙදෙන නිලධාරියෙක් ශ්‍රී ලංකා නිව්ස් වෙත පැවසුවේය
සේවක හිගයක් පවතින ස්ථානවලට විසදුම් ලබාදීම සදහා වන තීරණ ගැනීමට කිසිදු බලධාරියෙක් ඉදිරිපත් නොවන බවද එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.
