දුම්රිය ධාවනය කෙටි මාර්ගවල පමණයි

අද (17) දිනයේ ගාල්ල, මීගමුව හා වේයන්ගොඩ වැනි කෙටි මාර්ගවල පමණක් දුම්රිය ධාවනයට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

ඒ අනුව දුරගමන් දුම්රිය ධාවනය නොකෙරෙන බව වාර්තා වෙයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ රාත්‍රියේ ධාවනයවීමට නියමිතව තිබූ සියලුම තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.