හවුලේ ගෙවල් මට එපා – මනුවර්ණ මන්ත්‍රී නිවාසයෙන් එළියට බසී

තවත් මන්ත්‍රීවරුන් සමග හවුලේ බෙදා ගැනීමට මාදිවෙල පාර්ලිමේන්තු නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාදීම නිසා එයට විරෝධය දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මන්ත්‍රී නිවාස වලින් එළියට බැස තිබේ.

ජගත් මනුවර්ණ මන්ත්‍රීවරයාට මාදිවෙල නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාදී තිබේ. පසුව මෙම නිවසට තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් ඇතුළත් කර තිබේ.

එයට විරෝධය දක්වා මන්ත්‍රී නිවාස වලින් එළිය බැසගත් මන්ත්‍රීවරයා ඒ අසලින් කුලී නිවසක් ලබාගෙන ඇත.

“මට පාර්ලිමේන්තු යන්න වගේම රගපාන්නත් තියෙනවා. මට හිරවෙලා ඉන්න බෑ” යනුවෙන් ඔහු සිය හිතවතුන්ට පවසා තිබේ.

මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගැනීම සදහා මන්ත්‍රීවරුන් අතර දැඩි තරගයක් තිබුණි.