ශ්‍රී ලංකාව හොංකොං ක්‍රිකට් ශූරතාව දිනයි

ශ්‍රී ලංකාව හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් විය.

අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා පිල කඩුලු 3 කින් පාකිස්තානය පරාජය කළේය.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ශූරතා දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර 2007 වසරේ ශූරතාව දිනාගැනීමට සමත්ව සිටියේය.

1992 වසරේ ආරම්භ කළ මෙම තරගාවලිය 2017 වසරෙන් පසුව වසර හයකින් පසුව මෙම පැවැත්වීය.

අවසන් මහ තරගය – ලකුණු පුවරුව

පාකිස්තානු පිල ඕවර 5.2 කදී කඩුලු 6 ට 72

(මොහොමඩ් අක්ලාක් 48, ධනංජය ලක්‍ෂාන් 6/2, තරිඳු රත්නායක 25/2)

ශ්‍රී ලංකා පිල ඕවර 5 කදී කඩුලු 3 ට 76

(සඳුන් වීරක්කොඩි 34, ළහිරු මධුසංඛ 19, තරිඳු රත්නායක නොදැවී 16)