දෙහිවල ගල්කිස්ස කොමසාරිස් ඉවතට

දෙහිවල ගල්කිස්ස නගර සභාවේ කොමසාරිස් එම්.එම්.සී.කේ.කේ. මාන්නප්පෙරුම මහතාව අදාළ තනතුරින් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

මෙම ඉවත් කිරීමට හේතුවී ඇත්තේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ මහත්මිය ඇතුළු සිවු දෙනෙක් අත්සන් තබන ලද පෙත්සමක් බවයි සඳහන් වන්නේ.

මෙම ස්ථාන මාරුවට විරෝධය දක්වමින් අද විරෝධතා ව්‍යාපාරයක් ද පැවැත්වුණා.

එහිදී සඳහන් කළේ මෙය දේශපාලන පළිගැනීමක් බවයි.

එම පෙත්සම පහතින් දැක්වෙනවා.