යුක්තියේ මෙහෙයුමෙන් බස්නාහිරින් සැකකරුවන් 430 ක්

යුක්තියේ මෙහෙයුම දෙවන අදියරට අනුව දිවයින පුරා ඊයේ දිනයේ වැටලීම් 668ක් සිදුකර තිබෙනවා.

ඊට අදාලව සැකකරුවන් 659 ක් සහ සැකකාරියන් 09 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එආ අතරින් 12 දෙනෙකු රඳවා තබා ගනිමින් ප්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය කොඨාශය නිකුත් කළ නිවෙදනයේ දැක්වෙන්නේ.

ඊට අදාළව බස්නාහිර පළාත කේන්ද්‍ර කරමින් සිදුකළවැටලීම් වලදි හෙරොයින් ග්‍රෑම් 11ක් , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 379ක් සහ ගංජා ග්‍රෑම් 272ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

එම පළාත තුල සිදුකළ වැටලීම් 430 කදී සැකකරුවන් 425 ක් සහ සැකකාරියන් 05 ක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදි දකුණු පළාත ආවරණය කරමින් සිදු කළ වැටලීම් වලදි ගංජා ග්‍රෑම් 237 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර වැටලීම් 56 කදි සැකකරුවන් 55ක් සහ එක් සැකකාරියක අත් අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.