ගෝලීය වශයෙන් පිළිගත් රාජ්‍ය නොවන සංවිධානයක් වන Heavenly Culture, World Peace, Restoration of Light (HWPL) විසින් සත්කාරකත්වය දරන ස්මාර්ට් පුරවැසි ව්‍යාපාරය මගින් ගම්පහ නගරයේ සාම පා ගමන පවත්වා තිබේ.
ඉකුත් සෙනසුරාදා පැවැත්වුණු එම උත්සවය සඳහා ප්‍රජා සාමාජිකයින්, සාමය වෙනුවෙන් පෙනී සිටින්නන් සහ විවිධ සංවිධානවල නියෝජිතයින් සමගිය සහ අවබෝධය සඳහා අත්වැල් බැඳගෙන සිටියහ.
බිම් මට්ටමේ සාමය ඇති කිරීම එම සාම පා ගමනේ ප්‍රමුඛ අරමුණ විය.
ජාතික, සංස්කෘතික හා ආගමික භේදයකින් තොරව එකමුතුකමේ වැදගත්කම තහවුරු කරමින් ගම්පහ උද්භිද උද්‍යානය වෙත සංකේතාත්මක පා ගමනකින් එය පැවැත්විණි.
රටවල් 160 ක ක්‍රියාත්මක වන Heavenly Culture, World Peace, Restoration of Light සංවිධානය එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ (ECOSOC) විශේෂ උපදේශක තත්ත්‍වය දරයි.