කතානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවක්

කතානායක අශෝක රංවලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය සූදානම් වේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද දිනයේදී රැස්වීමට නියමිතව ඇත. එහිදී කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන අවසන් තීරණය ගැනීමට නියමිතය.

ආචාර්ය උපාධියක් ඇති බවට හැගෙන ආකාරයෙන් කතානායකවරයා පසුගි කාලයේදී කටයුතු කර තිබූ අතර ආචාර්ය උපාධියක් නොමැති බවට කතිකාවක් ඇතිව තිබේ. පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ කතානායකවරයාගේ නමට ඉදිරියෙන් ආචාර්ය යන්න සටහන් කර තිබූ අතර පසුව එය ඉවත් කර තිබේ. එහෙත් ඊයේ දිනයේදී කතානායවරයා හා රාජ්‍ය තාන්ත්‍රීකයින් පිරිසක් අතර පැවති හමුව පිළිබද පාර්ලිමේන්තුවේ නිල ෆේස් බුක් පිටුවේ තැබූ සටහනේ කතානායක ආචාර්ය අශෝක රංවල යනුවෙන් සදහන් කර තිබේ.