අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් ආචාර්ය යනුවෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සදහන් කිරීම පිටුපස සභානායක කාර්යාලය සිටින බව ඒ පිළිබද විමර්ශනය කර ජනාධිපතිවරයා වෙත ලබාදුන් වාර්තාවක සදහන් වේ.
ඇමැතිවරයා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කරමින් අදාල අංශ වෙත දැනුම් දීමට යැවූ ලිපියේ ආචාර්ය හර්ෂණ නානායක්කාර ලෙස නම් කර තිබේ.
මේ පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පරීක්ෂණයක් පවත්වයි. පසුගිය සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවට පැමිණ විමර්ශන කටයුතු සිදු කළ අතර පාර්ලිමේන්තු නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මේ සතියේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවට පැමිණිමට නියමිත බවද අනාවරණය වේ.
ආචාර්ය හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් සටහන් කිරීමට හේතුවු ලේඛන පාර්ලිමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත.