ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට අනතුරු ඇඟවීමක්

ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථානවලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට විශ්වසනීය තොරතුරු ලැබී ඇති බව අමෙරිකානු තානාපති කාර්යාලය නිලධාරීන් ට සහ අමෙරිකානු පුරවැසියන්ට අනතුරු අඟවා තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වැඩපිළිවෙලක් යොදා ඇති බවයි.