ශ්‍රී ලංකා ඉන්දියා සටන අද රාත්‍රියේ

20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තෙවන තරගය ඉන්දීය කාන්තා කණ්ඩායම අද (09) රාත්‍රී 7:30ට ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මාධ්‍යවෙත සඳහන් කළේ පසුගිය තරග දෙකේම පරාජය සඳහා තමන්ගේ අසාර්ථකත්වය බලපෑ නිසා මෙම තරගය හොඳින් ක්‍රීඩා කිරීම තම අරමුණ බවයි.