ලෝක ශුරයන් වූ ඉන්දියාව සිම්බාබ්වේ හමුවේ පැරදුනු හැටි(PHOTOS)

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය ලකුණු 13නික් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසීය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක ශුබ්මන් ගිල් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්වාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 115ක් රැස් කර ගත්තා.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Clive Madande නොදැවී ලකුණු 29ක් රැස් කළ අතර Dion Myers ලකුණු 23ක් රැස් කළා..

පන්දු යැවීමේදී Ravi Bishnoi කඩුලු 04ක් දවාගත්තා.

ලකුණු 116ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 102ක් පමණයි.

ඒ අනුව තරග 03කින් සමන්විත 20යි 20 තරගාවලිය 1 – 0ක් ලෙස පෙරමුණ ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.