බිය වී පැනික් වී පෝලිම්වල ගොස් තෙල් ලබාගත යුතු නෑ – කැබිනට් ප්‍රකාශක

තෙල් හිගයක් ඇතිවන බවට බිය වී පැනික් වී පෝලිම්වල ගොස් තෙල් ලබාගත යුතු නැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.

ඉදිරි මාස දෙකහමාරක කාලයකට අවශ්‍ය තරම් ඛණිජ තෙල් තොග රටේ පවතින බව ඇමැතිවරයා සදහන් කළේය.

“ඉදිරි මාස දෙකහමාර සදහා අවශ්‍ය තෙල් තොග සංචිත රට තුළ පවතිනවා. ඒ නිසා කිසිවෙක්ට බය වෙන්න දෙයක් නෑ. අනවශ්‍ය ලෙස තෙල් ගෙනවිත් ගබඩා කළගත යුතු නෑ. පැනික් වෙලා පොලිම්වල ඉදලා තෙල් ගහ ගන්න ඕන නෑ. බෙරතෙල් මෙට්‍රික්ටොන් ඒකලක්ෂ හැට දාහක් ගබඩා කර තිබෙනවා. තවත් අනූ දාහක් එන්න තියෙනවා. ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතලිස් හයදාස් පන්සීයක් තියෙනවා.” යැයි ඇමැතිවරයා පැවසුවේය.