ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයේ ප්‍රධානතම නිලධාරීන් සහ නිලධාරිනියන් කිහිප දෙනෙකුට තනතුරු අහිමිව තිබෙනවා.
ඒ මුල්‍ය වංචා සහ වැරදි කළමනාකරණ කටයුතු හේතුවෙනුයි.
ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ මානව සම්පත් කළමනාකරණ නිලධාරිනියට ද මේ හේතුවෙන් ඉවත් වන ලෙස ආයතනයේ ප්‍රධානින් පසුගිය දා දැනුම් දෙනු ලැබුවා.
අවිදිමත් ක්‍රියා හේතුවෙන් ඔවුන් රුපියල් කෝටි ගණනක මුදල් නිකරුණේ වැයකර ඇති බවටයි පසුගිය කාලයේ චෝදනා එල්ල වුණේ.
මෙම මුදල් විනාශය හේතුවෙන් ආයතනයේ ඉදිරි මෙහෙයුම් කටයුතු සඳහා ද බාධා එල්ල වූ බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ආයතනය දැනුම් දුන් පරිදි ඇතැම් වගකිවයුතු පුද්ගලයන් ඉවත්ව ගොස් ඇති අතර ඇතැමුන්ව සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
අනතුරුව අදාළ තනතුරු සඳහා නව පත් කිරීම් සිදුකර ඇති අතර සුසර දිනාල් නව ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා පත්කර ඇත්තේ ඒ අනුවයි.
මේ අතර මොනරා වෙබ් අඩවිය ද මේවන විට වසා දැමීමට ආයතනය කටයුතු කර තිබෙනවා.