මහකුඹුක්කඩවල දාගැබකින් මංජුසාවක් හමුවේ

මහකුඹුක්කඩවල විරාකැලේ සිරිමංගල පුරාණ රජමහා විහාරස්ථානයෙ ඉපැරණි ස්ථුපයක  තිබි කාල නියමන් නිසි ලෙස අධ්‍යනය කල නොහැකි මැටියෙන් නිම කළ මංජුසාවක් හමුවු බව පුරා විද්‍යා නිළධාරීහු පවසති.

සිරිමංගලා පුරාණ රජමහා විහාරස්ථානයේ ඉපැරණි ස්ථුපය දින 45 කට අධික කාලයක් පුරා විද්‍යා නිළධාරීන්  සංරක්ෂණය කිරීමේ අරමුණින් කැණිම් කරමින් සිටියදී ස්ථුපය ඇතුලත ගඩෝල්  තුළ ආරක්ෂීතව සගවා තිබු මෙම මංජූසාව මෙලෙස හමුවි ඇති බව කියයි.

අදාල මංජූසාව අගල් 20 කට ආසන්න වට කවයකින් හා අගල් 15 වැඩි උසකින් යුත්ත බවත් එය කැණිම් තුළින් සොයා ගන්නා අවස්ථාවෙදී ආරක්ෂීතව පියනක් වැනි යමකින් වසා තිබු බවද පුරා විද්‍යා නිළධාරින් පවසයි.