බොරැල්ල සහස්පුර වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් බොරැල්ල සහ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24, 25 සහ 40 වියේ පසුවන්නන් බව පොලීසිය පැවසීය.

මෙම වෙඩිතැබීමට ආධාර අනුබල දුන් සැකකරුවකු පොලීසිය විසින් මීට පෙර ද අත්අඩංගුවට ගෙන තිබුණි.