තරග පාවාදෙන්න යෝජනා කළ ඉන්දියානුවා

මහනුවර, පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ‘ලංකා ටී10 සුපර් ලීග්‘ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක්ට තරග මුදලට පාවාදීමට යෝජනා කළේ යැයි කියන සිද්ධියකට ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයේ නිලධාරී කණ්ඩායමක් මහනුවරට ගොස් ඇති බව වාර්තාවේ.

තරග පාවාදීමට යෝජනා කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී) ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයට පැමිණිලි කර ඇති බව ද දැනගන්නට තිබේ.

චෝදනාව එල්ල වී ඇති ඉන්දීය ජාතිකයා මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායමක අයිතිකරුවකු බවත් ඔහු විසින්ම අදාළ ක්‍රීඩකයාට තරග පාවාදීමට යෝජනා කර ඇති බවත් වැඩිදුරටත් වාර්තාවේ.

මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායම් හයට විදේශ ක්‍රීඩකයෝ 30 ක් පමණ ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන ‘ලංකා ටී10 සුපර් ලීග්‘ ක්‍රිකට් තරගාවලිය මේ මස 19 වැනිදා දක්වා පැවැත්වේ.