අලුත් ආණුඩුව 2024 දම මැතිවරණයෙන් පත් වූ ආණ්ඩුවය.එහෙත් ගෙවුණු මාස තුනේ ද තිබුණේ යම් ආකාරයක අලුත් ආණ්ඩුවක්ය.එහෙත් අලුත් වීමට උත්සාහ ගන්නා බවක් හෝ දකින්නට නොලැබිණ.
මහමැතිවරණයෙන් පත්වන ආණ්ඩුව ඉදිරියේ ඇති අභියෝග තෙමසක ආණ්ඩුව නිමා වන දවසේ ම ක්‍රීඩා අමාත්‍යංශය විසින් සිඳු කරන ලද නිවේදනයේද සඳහන් වන්නේය.ඒ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා එම තනතුරේ සිටීම සමබන්ධයෙන් දක්වන ප්‍රතික්‍රියාව ක්‍රීඩා අමාත්‍යංශය විසින් මඟ හැර යන මඟ ලකුණු පෙන්වමින්ය.
මේ කාරණය උලුප්පා දැක්වෙන පරිදි ක්‍රීඩා අමාත්‍යංශය මාධ්‍ය විසින් පළ කරන්නට යෙදුණ වාර්තා සම්බන්ධ කර කරන ලද පැහැදිළි කිරීමෙන් මේ බවට ඉඟි සැපයෙන්නේය.
“ඔබගේ ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සමාලෝචනය කර නිර්දේශ ලබා දී ඇති බවත්, නොදන්නා හේතූන් මත එය ඔබේ ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලය විසින් තවමත් සළකා බලා නොමැති බවත් අපට වැටහෙනවා,” යනුවෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ආයතනික සහ පාලන සේවා සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ Jerome Poivey 2024 නොවැම්බර් 11 දින යොමුකරන ලද විද්‍යුත් තැපෑල් ලිපියකින් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්ගෙන් ඉල්ලා ඇත්තේ ව්‍යවස්ථාවට අනුව ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවා ප්‍රමාදයකින් තොරව සුදුසු පියවර ගන්නා ලෙසයි.
එය සුරේෂ් සුබ්‍රමනියම්ගේ ඉල්ලීමකට අනුව සිඳුවන්නක් නොව,ජාතික ඔලිම්පික් කමිටුවේ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් එය විසින්ම පත් කරන්නට යෙදුණ ආචාර් ධාර්මික කමිටුව විසින් කරන ලද පරීක්ෂණයක නිර්දේශවලට අදාළව කෙරෙන ඉල්ලීමක් යන්න අවබෝධ කර ගැනීම වටින්නේය.ෙමහි අවදානම්ම කාරණය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මේ හේතුව නිසා ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුව නොසළකා තහනම් කරයිද යන බියය.
ක්‍රීඩා අමාත්‍යංශය ජාතික ඔලිම්පික් කමිටුවේ ස්වාධීනත්වය රැකෙන පරිදි මීට මැදිහත් නොවනාකාරයක් එහි දක්වා ඇත.එය හොඳය.එහෙත් ඒ සමඟම නාමල් රාජපක්ෂ සමයේ සිටම ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහ ඒ හරහා අමාත්‍යවරයාගේ බලපෑම මත ස්වාධීනත්වය අභියෝගයට ලක් වුණ රගර් ක්‍රීඩාව ගැන ද ගෙවුණු මාස කිහිපය තුළ අදාළ නිලධාරීන් කර ඇරියේ “ ඒ කාලෙ අපි දන්නෙ නැහැනෙ,හිටියෙ නැහැනෙ යන ලිස්සා යන බණ්ඩක්කා පිළිතුරුවලින්ය.හරිනම් ඒ ස්වාධීනත්වය බලපෑම් එල්ල වූ පළමු මොහොතේ සිටම රටේ රගර් පරිපාලනයට එල්ල වූ ජාත්‍යන්තර මට්ටමේ සිටම වූ වැරදි බලපෑම් හගිස්සවා ඒවායෙන් වරදකරුවන් කර සිටින රගර්වලට අවශ්‍යය කරන නිවැරදිකරුවන් නිර්දෝෂ කර ගැනීමේ සිට එහි ව්‍යවස්ථාවට පිටින් ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල්වරයා බලය යෙදවීම නැවත්වීමට ද කටයුතු කළ යුතුය.
එසේම මේ වන විට රගර්වල මෙන්ම නෙට්බෝල් ක්‍රීඩාවේ ද තිබෙන ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකළ සහ චෝදනා එල්ල වෙන පරිපාලනයේ ඉහළ පුද්ගලයින් සමඟ එම කේෂ්ත්‍රයන්හී නෛතික හැඩ යටපත් කිරිම අඩාල කිරීම නවතා,එම සංගම්,සම්මේලනවල පරිපාලන ව්යහුයන්ට ස්වාධීනව කටයුතු කරන්නට දීම සහ අදාළ නිලධාරින් පත් කරගන්න අවශ්‍යය පරිසරය සැකසීම ද මේ මොහොතේ අලුත් ආණ්ඩුවේ ක්‍රීඩාවට අදාළව පවතින්නේය.
එම ක්‍රීඩා දෙකම ක්‍රීඩා අමාත්‍යංශය යටතේ තබාගෙන,විසුරුවන්නට හේතු වූ පුද්ගලයින්ම හේත්තු කරගෙන සිඳු කරන පාලනය සදාචාරාත්මක නොවීම වගේම,රගර් වැනි ක්‍රීඩාවක දිගු කාලයක පටන් පැවති දුශ්පාලනය වෙනස් කිරීමට අමාත්‍යංශය පැත්තෙන් මැදිහත් විය යුතු වන්නේ,ක්‍රීඩා අමාත්‍යංශය පැත්තෙන් ඊට සාධාරණ මැදිහත්වීමක් වෙනුවට අසාධාරණ ලෙස විනාශකාරී තත්ත්වයකට රැඟෙන යාමට දුන්න සහයෝගය වෙනස් කර සාධාරණය ඉටු කර දීමත් වෙනුවෙන්ය.
ස්වාධීනව කටයුතු කරන්නට නොදීම,එම ස්වාධීනත්වයට වෙනත් පාර්ශව සමඟ එකතු වී බලපෑම් කිරීම,දඬුවම් ලැබිය යුතු පුද්ගලයින් දේශපාලනික මැදිහත්වීම් හරහා ආරක්ෂා කිරීම වැනි කරුණු විශාල ප්‍රමාණයකට සහය වී ඇති ක්‍රීඩා අමාත්‍යංශයේ ඉතිහාසය එම වැරදිවලින් ලිහා දමන්නට ලැබී තබෙන ඉඩ, නව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අත හැර දමයිද යන ගැටළුවට විසඳුම් ක්‍රීඩා ප්‍රේමීන්ට ලැබිය යුතුව ඇත.
මේ තත්ත්වය යටතේ ජාතික ඔලිම්පික් කමිටුවක් යම් වංචා සහගත හැසිරීමක් පෙන්වන්නේනම්,සහ ඊට යම් කිසි ආකාරයක විමර්ශනයකින් පසුව චෝදනා එල්ල වෙන්නේනම් සහ එම චෝදනාලාභීන් ආරක්ෂා කිරීමට සිය ස්වාධීනත්වය භාවිතා කරන්නට දේශපාලක මැදිහත්වීමක් නොකර රාජ්‍යයට ඉන් ඇතිවන ගැටළු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට බාධාවක් නැත.
අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ආයතනික සහ පාලන සේවා සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ Jerome Poivey පවසන කාරණාවලදී ඉන් ශ්‍රී ලංකාවට යම් අගතියක් අත්වේද යන්න කල්පනා කර ක්‍රීඩා අමාත්‍යංශයට මේ සම්බන්ධයෙන් කළ හැකි මැදිහත්වීමක් ඇද්දයි,පත්වන නව රජය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් විමසිය යුතුය.ඒ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව,ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් තහනම් කිරීම ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රීඩාව කෙරෙහි බලපාන බැවින්ය.
නීතිපතිවරයාගේ උපදෙස් මත ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ආයතනික සහ පාලන සේවා සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ Jerome Poivey සමඟ සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුවේ මේ වන විට ඉවත් කළ යුතු බව කියන ලේකම් මැක්ස්වෙල් ද සිල්වා සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය කල්පනා කළ යුතුය.චෝදනාලාභී ලේකම්වරයා විධායක සභාවේ බහුතරයක් සමඟින් ඔහුට ඇති චෝදනා නොසළකා හැර ඉදිරියටත් බලයේ සිටීම සම්බන්ධයෙන් කල්පනා කරමින් සිටින බවත්,දැනට වාර්තා වී ඇත.
මේ තත්ත්වය තුළ ක්‍රීඩා අමාත්‍යංශය වළං කඩේට පැන්නාකාරයට ක්‍රියා කිරීමෙන්, ස්වාධීනත්වයට බලපෑමක් ඇති කිරීමක් විය හැක්කේ විධායක සභාවේ බහුතරය ලේකම්වරයා සමඟ සිටින නිසාවෙනි.එසේ නොවීමට ආචාර ධාර්මික කමිටුව දී ඇති වාර්තාව සම්බන්ධයෙන්, ආයතනික සහ පාලන සේවා සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ Jerome Poivey සමඟ සාකච්ඡා කර රජයට මේ සඳහා යම් ආකාරයකට සහයෝගයක් දිය හැකි ද යන්න ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් විමසා සිටිය හැකිය.නැතිනම් සාකච්ඡා කිරීමට හැකිය.
අඩුම තරමේ මේ ආචාර ධාර්මික කමිටුවේ වාර්තාව සහ නිරීක්ෂණ,නිගමන තඹයකට මායිම් නොකර පරීක්ෂනවල ස්වාධීනත්වය සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා ඉවත්වීමේ වැදගත්කම පෙන්වා දෙද්දී,තමන්ගේ නම හා බැඳෙන හොරකම,වංචනික කම ගැන අංශු මාත්‍රයක් හෝ නොසිතා ලේකම්වරයා තමන්ට හිතවත් විධායක සභාව සමඟ ඉදිරියට යාමට උත්සාහ කිරීමය.එය නිවැරදිකම ගැන අධි තක්සේරවක් පෙන්වීම නොවන,ලැජ්ජා නැතිකම සහ ආචාර ධාර්මික නොවන බව පෙන්වා දීමක්ය.
ඒ නිසා මේ තත්ත්වය මත ජාතික ඔලිම්පික් කමිටුව ස්වාධීනයි යන මතයේම ක්‍රියාත්මක වීම පසෙකට දමා 2012 – 2014 සමයේ දී ඉන්දියන් ඔලිම්පික් කමිටුවේ ගැටළු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ඉන්දීය රජය එක් ව ක්‍රියා කළ ආකරය සොයා බැලීම වටින්නේය.එසේම 2010–2012, 2015–2017 යන වසරවල දී කුවේට් රාජ්‍යය ද සිය ඔලිම්පික් කමිටුව සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අතර දුරස්වීමේදී නැවත කුවේට් ඔලිම්පික් කමිටුවක් ස්ථාපිත කිරීම සඳහා එරට රජය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ දැඩි සම්බන්ධයක් පවත්වා ගෙන ගියේය.
ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් ද දැඩිව මේ ආකාරයේ තහනමකට යාමට බලපෑවේ කාන්තාවන්ගේ ක්‍රීඩා අයිතිවාසිකම්වලට යටත්ව ක්‍රියාකිරීම් සඳහා ඇෆ්ගන් ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රියාත්මක නොවීමය.ඔලිම්පික් කමිටුවකින් තොරව සිඳි ගිය ක්‍රීඩා බිමක්ව පැවති ඇෆ්ගනිස්තානය නැවත 2002 දී බලයට පැමිණි න රජය සමඟ ස්ථාපිත කෙරුණේ පත් වූ ආණ්ඩුව සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අතර සබඳතාවල විශ්වාසය සහ ශක්තිය මතය.
ඒ නිසා මේ මොහොතේ ක්‍රීඩා අමාත්‍යංශය රගර් සහ නෙට්බෝල් ක්‍රීඩාවන් හී ස්වාධීනත්වයට හානි වන ආකාරයට තමන්ගේ ආශිර්වාදය ලබා දී,එම ක්‍රීඩාවන්හී ව්‍යවස්ථානුකූලව බලය පිහිටුවීම අහිමි කරමින් බලපෑම් ඇති කරමින් ඇත.එසේම මේ මොහොතේ නව පාලනයක් සේ සළකා අත හරින ලද වැරදිකරුවන්ගේ,වංචාකරුවන්ගේ සහ දූෂිතයන්ගේ ක්රියාකළාපවලට දඬුවම් දීම නොසළකා හරිය නොහැකිය. එසේම නිරපරාදේ ක්‍රීඩාවේ චෞරයන්ගේ මංගල්ලය තුළ අසධාරණ ලෙස වැරදිකරුවන් කර හංවඩු ගැසූ පුද්ගලයින්ට සාධාරණය ඉටු කිරීමත් සිඳු විය යුතුය.
අපි ඕවාට නැහැ ස්වාධීනව වැඩ කරන්න මට්ටමෙන් ඔලිම්පික් ප්රශ්නය දෙස බැලීමේ අවධානම තේරුම් අරගෙන, ආචාර ධාර්මික කමිටුව විසින් පෙන්වා දී ඇති මාර්ගෝපදේශන සමඟ කටයුතු කර නීතිපති දෙපාර්තමේන්තුව හරහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ සම්බන්ධ වී,තහනමට ලක්වීමේ අවධානමක් පවතින ජාතික ඔලිම්පික් කමිටුව සෝදා පවිත්‍ර කර නව පෙණුමක් සමඟ නව පාලනයක් පත් කිරීමට දිය හැකි සහයෝගයද අවධානයට ගත යුතුය.
නිශ්මන් රණසිංහ