ආණ්ඩුව අදත් මිලියන 95,000 ක් ණයට ගනී – පොලීය 12% ට වැඩියි

ආණ්ඩුව අද දිනයේදී රුපියල් මිලියන 95,000 ක මුදලක් දේශීය වශයෙන් ණය ලබාගෙන තිබෙනවා.

2028 මාර්තු 15 වැනිදා සහ 2032 ඔක්තෝබර් 1 වැනිදා කල් පිරෙන ලෙස මෙම ණය මුදල ලබාගෙන ඇති බව සඳහන්.

2028 මාර්තු කල්පිරෙන ලෙස රුපියල් මිලියන 70,000 ක මුදලක් ණයට ගෙන ඇත. මෙම මුදල ණයට ගෙන ඇත්තේ සියයට 11.79 ක පොලීයටය.

2032 ඔක්තෝබර් 1 වැනිදා කල් පිරෙන ලෙස මිලියන 25,000 ක් ණයට ගෙන තිබේ. ඒ සදහා වන පොලීය සියයට12.36 කි