සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් වන කුඩු සළිඳු හා පොඩි ලැසී යන තැනැත්තන් රටින් පළා ගොස් ඇති බවට නිල තහවුරු කිරීමක් ලැබී නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
පුවත්පතක් සිදු කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කර ඇත.
අමාත්‍යවරයා තවදුරට ත් ප්‍රකාශ කළේ, සංවිධානාත්මක අපරාධකරුවන් මැඩලීම පිණිස වෙන ම පොලිස් කණ්ඩායම් යොදා ඇති බව ය.
ආසන්න කාලයේ සිදු වූ වෙඩි තැබීම් ගැන වැඩි අවධානයක් යොමුකර අපරාධ විමර්ශන සිදුවන බව ද ඔහු වැඩිදුරට ත් පැවසීය.