කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සදහා සාමාන්‍ය සිසුන්ට ඇතුළත්වීමේ අවස්ථාව අහිමි කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව වෛද්‍ය පීඨයට ඇතුළත්වීමට අවස්ථාව ඇත්තේ විදේශීය සිසුන් හා කැඩෙට් සිසුන් සදහා පමණක් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පාර්ලිමේන්තුවේදී අද පැවසුවේය.
වෛද්‍ය පීඨය සදහා සිසුන් බදවා ගැනීමේ නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ. එම නිවේදනයට සංශෝධනයක් එක් විය යුතු බවත්, ඒ අනුව විදේශීය සිසුන් හා කැඩෙට් සිසුන් පමණක් වෛද්‍ය පීඨයට බදවා ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරය පාර්ලිමේන්තුවේදී පැවසුවේය.