සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර 20 තරගාවලියේ අද (30) පැවති අවසන් තරගයේ ජය වාර්තා කිරීමටත් ඉන්දියාව සමත් වුණා.
එහි කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දීමටය.
ඒ අනුව ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 137ක් රැස් කළා.
තරගය ජයගැනීමට සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 138ක්.
ඉන්දියාව වෙනුවෙන් ශුබ්මන් ගිල් ලකුණු 39ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් දවාගත් අතර වනිඳු හසරංග කඩුලු 2ක් දවාගත්තා.
සිය මංගල විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය ට එක්වූ චමිදු වික්‍රමසිංහ සිය පන්දු ඕවර 4දී ලකුණු 17කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්වූණා.
අනතුරු ක්‍රියාත්මක වූ සුපිරි පන්දුවාරයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 02ක් දැවී යාම හේතුවෙන් පන්දු වාරය පන්දු තුනකට පමණක් සීමා වූ අතර ලකුණු 02ක් පමණක් රැස් කරගනු ලැබුවා.
අනතුරුව පිළිතුරු ඉනිම හඹාගිය ඉන්දීය කණ්ඩායම එක් පන්දුවක් පමණක් වැය කරමින් ලකුණු 04ක් ලබා ගනිමින් මෙම තරගයේ මෙන්ම සමස්ත තරගාවලියම අපරාජිතව ජය ගැනීමට සමත් වුණා.