හම්බෙගමුව කරමැටිය වැව ආසන්නයේ වගුරු බිමක තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.
මෙම වනඅලියාට වනජීවි නිලධාරීන් විසින් අවස්ථා රැසක දී ප්රතිකාර කටයුතු ද සිදුකර ඇති අතර නමුත් පසුව එම අලියා මියගොස් ඇත.
මරණයට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරන පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබේ.