දේශප්‍රේමී ජන බලවේගය පක්ෂය ඊයේ (6) දහවල් ගම්පහ සණස ගොඩනැඟිල්ලේ පවත්වමින් තිබූ රැස්වීමක් නතර කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
මෙම රැස්වීමට තැන්පත් මුදල් නොලැබීම මත අගතියට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ සණස තැන්පත්කරුවන් පිරිසක් එක්ව සිටි අතර, මෙම තැන්පත්කරුවන්ට සාධාරණයක් ඉටුකර දීම තම අපේක්ෂාව බව එම පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයන් කිහිපදෙනකු සඳහන් කර තිබුණා.
මෙම රැස්වීම පැවැත්වෙන ස්ථානයට මැතිවරණ දෙපාර්තමේන්තුවෙහි ගම්පහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සහකාර තේරීම් භාර නිලධාරිවරයකු ඇතුළු නිලධාරින් පිරිසක් සහ පොලිස් නිලධාරින් පැමිණ මෙවන් රැස්වීමක් පැවැත්වීම නීති විරෝධී බව ප්‍රකාශ කරමින් රැස්වීම නතර කරන ලෙසට අපේක්ෂකයන්ව දැනුම්වත් කර තිබෙනවා.
ඒ අනුව රැස්වීම අවසන් කොට මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් දේශප්‍රේමී ජන බලවේගය පක්ෂයේ අපේක්ෂක සණස තැන්පත්කරුවන්ගේ සංගමයේ ලේකම් අජිත් පෙරේරා මහතා සඳහන් කර සිටියේ, 2018 වර්ෂයේ සිට ගම්පහ දිස්ත්‍රික්කයේ සණස තැන්පත්කරුවන් ලක්ෂ හතරක පමණ පිරිසකට රුපියල් කෝටි 600ක මුදලක් ආපසු නොගෙවීම මත තැන්පත්කරුවන් දැඩි පීඩාවකට පත්ව සිටින බවයි.