මොරටු නගර සභාවේ මන්ත්‍රීවරුන් අල්ලස් කොමිෂන් සභාවට

මොරටු නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් යොමු කර තිබෙනවා.

ඒ මොරටුව නගර සභාවේ සිදුව ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන්.

එහිදී ඔවුන් වැඩිදුරටත් මාධ්‍යයට සඳහන් කර සිටියේ ප්‍රධාන මහජන පරීක්ෂක නිලධාරී නගර සභාවට අයවිය යුතු මුදල් තම පෞද්ගලික පරිහරණයට යොදා ගන්නා බවයි.