රනිල් වික්‍රමසිංහ අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (22) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීමක් සිදුකර තිබේ.

ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව මෙම විමර්ශනය සිදු කරන බව වැඩිදුරටත් සඳහන්ය.