නයිජීරියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 30ක් ජීවිතක්ෂයට – 100 කට වැඩි පිරිසකට තුවාල

උතුරු නයි­ජී­රි­යාවේ බෝර්නෝ ප්‍රාන්තයේ ස්ථාන 3කට මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහා­ර­මා­ලා­වක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම සිද්ධියෙන් පුද්ග­ල­යන් 30 දෙනෙකු ජීවි­ත­ක්ෂ­යට පත්ව තවත් පුද්ග­ල­යන් 43දෙනෙකු තුවාල ලබා ඇති බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.

වාහ උත්ස­ව­යක්, අව­මං­ගල උත්ස­ව­යක් සහ රෝහ­ලක් ඉලක්ක කර­මින් පසු­ගිය සෙන­සු­රාදා (29) එම ප්‍රහා­ර­මා­ලාව එල්ල කර ඇති අතර, එය මරා­ගෙන මැරෙන බෝම්බ­කා­රි­නි­යන් විසින් සිදු කරනු ලැබූ ප්‍රහා­ර­යක් බවට එරට පොලි­සිය සැක පළ කරනවා.

මිය ගිය පිරිස අතර දරු­වන් හා ගැබිනි කාන්තා­වන් ද සිටින බවයි නයි­ජී­රි­යානු පොලි­සිය ප්‍රකාශ කරන්නේ.

බෝම්බ ප්‍රහා­රයේ වග­කීම මෙතෙක් කිසිදු පාර්ශ්ව­යක් බාර ගෙන නොමැති අතර, මීට පෙර එවැනි ප්‍රහාර සිදු කර ඇති නයි­ජී­රි­යාවේ ඉස්ලා­මීය රාජ්‍ය­යක් සඳහා වන බට­හිර අප්‍රි­කානු ප්‍රාන්ත ත්‍රස්ත­වාදී සංවි­ධා­නය විසින් මේ ප්‍රහා­රය එල්ල කරනු ලැබූ බවට එරට ආර­ක්ෂක අංශ අනු­මාන කරන බව වැඩිදුරටත් වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!