හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව යොදවා සිටි පොලිස් නිලධරීන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව හැටක් දක්වා අඩු කර තිබේ.
ඊයේ දිනයේදී පොලිස් නිලධාරීන් හැට දෙනෙක් පමණක් ආරක්ෂාවට තබා අනෙක් පොලිස් නිලධාරීන් ඉවත් කරගැනිමට ආරක්ෂක කොට්ඨාශය කටයුතු කර තිබේ.
ඒ අනුව පොලිස් නිලධාරීන් සියයකට වැඩි පිරිසක් මෙසේ නැවත කැදවා තිබෙන බවද ආරංචිමාර්ග අනාවරණය කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව තර කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද ප්රවෘත්ති සාකච්ඡාවක්ද පවත්වමින් ඉල්ලා සිටියේය.