වැල්ලවත්ත සුපිරි මහල් නිවාස සංකීර්ණයක රැදි සිටින සුපිරි ධනවතුන්ගේ පරිහරණය සදහා කොකේන් හා කූෂ් මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ජාවාරම් කළ ජාවාරම්කරු ඇතුළු දෙදෙනෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් ඊයේ (14) අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 6 කට අධික කොකේන් ග්‍රෑම් 40 ක් සහ හා කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 206 ක් ද එම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන තිබු රුපියල් දහ අට ලක්ෂ හැත්ත පන්දහසක මුදලක් ද ක මුදලක්ද, වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකායේ නිලධාරීන් භාරයට ගෙන ඇත.
දැනට බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන අතර අත්අඩංගුවට ගත් ඡාවාරම්කරු දිවයිනපුරා පිහිටි සුප්‍රසිද්ධ රාත්‍රි සමාජශාලා සදහා මෙන්ම ඉහළ පෙලේ රැකියාවන් කරන ධනවතුන්ට සහ පෞද්ගලික විශ්ව විද්‍යාලවල උසස් අධ්‍යාපනය ලබන සුපිරි ධනවතුන්ගේ දරුවන් ඉලක්ක කර ඉතා රහසිගතව හා සුක්ෂමව මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බව වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය පවසයි.