උතුරු මැද පළාත් සභාවේ වාහන 29 ක් අස්ථානගත වෙලා

උතුරුමැද පළාත් සභාවට අයත් රථ වාහන 19ක් සහ යතුරුපැදි 10 ක් අස්ථානගතව ඇති බවට ජාතික විගණන කාර්යාලය පවසනවා.

මෙම වසරේ සිදුකළ විගණනයකට අනුව ඒ බව තහවුරු වූ බවයි එම කාර්යාලය පවසන්නේ.

ප්‍රධාන අමාත්‍යංශය , අධ්‍යාපන අමත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු කාර්යාල කිහිපයක රථ වාහන සහ යතුරු පැදි මෙළෙස අස්ථානගතව ඇතැයි වාර්තා වනවා.

ඒ අතරට හිටපු අමාත්‍යවරුන් ඇතුළු විධායක නිලධරින් භාවිත කළ මෝටර් රථ , කැබ් රථ සහ ජීප් රථද අස්ථානගතවු රථ වහන අතරට අයත්වනවා.

ක්ෂේත්‍ර නිලධාරින්ට ලබා දුන් යතුරු පැදි අතුරුදන්වූ යතුරුපැදි අතරට අයත්.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සහතික අනුව උතුරු මැද පළාත් සභාවට අයටහ් මෙම වාහන , එම පළාත් සභාව තුළ බෞතිකව දක්නට නොලැබුණු බවද එම විගණන වාර්තාවේ සඳහන් වන බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!