28 වනදා සිට වරාය වර්ජනයක්

ඉදිරි වසර තුනට අදාළ වැටුප් වැඩි කිරීම සඳහා වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් නොකළහොත් මෙම මස 28 වන දා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංයමය සඳහන් කරයි.

මේ පිළිබඳව හා සේවයකයන්ට ඇතිවී තිබෙන ගැටළු පිළිබඳව විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට ලිඛිතව දන්වා යැවූ බව සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන පැවසීය .

2021 වසරේ අස්සන් කළ වැටුප් ගිවිසුම් මේ මස 31 වනදා අවසන් වන නිසා ජනවාරි 01 සිට ඉදිරි වසර තුන සඳහා නව වැටුප් ගිවිසුමක් අත්සන් කළ යුතු බවත් එහෙත් තවමත් වැටුප් වැඩිවීමට අදාළ ගිවිසුම සකස් කිරීමට නොහැකි වී ඇති බවත් ඔහු පැවසීය.