දළදා වහන්සේ වන්දනාමාන කරගැනීමට පස්වරු 3:30 සිට සැදැහැවතුන්ට අවස්ථාව

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

අනතුරුව හෙට (19) දින සිට 27 වන දින දක්වා සෑම දිනකම දහවල් 12:00 සිට පස්වරු 5:30 දක්වා සිරි දළදා වන්දනාව පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙහි සමාරම්භක අවස්ථාව අද දහවල් 12:30ට පමණ සිදුවන අතර ‍ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඊට සහභාගීවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.