තරමක තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකි බව සඳහන්.

බස්නාහිර, සබරගමුව, දකුණු,වයඹ සහ මධ්‍යම පළාත්වල විටින්විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තරමක තදසුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.