මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාස ලබාගැනීමට මන්ත්‍රීවරු 142ක් පෝලිමේ සිටින බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සදහන් කරයි.
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසි දෙදෙනෙක් සදහා මිට පෙර මාදිවෙල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදී තිබුණි. එම මන්ත්‍රීවරුන් සදහා ලබාදී ඇති නිවාස ඒ ආකාරයෙන්ම ඔවුන්ට හිමිවනු ඇත.
ඉතිරි නිවාස සදහා මන්ත්‍රීවරු එකසිය විසි දෙනෙක් අයදුම් කර ඇත. ඒ මන්ත්‍රීවරුන් අතරින් හතලිස් පස් දෙනෙක්ට දුර අනුව නිවාස වෙන් කර තිබේ.
ඉතිරි නිවාසවල මේ වන විට ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙමින් පවතී. එම නිවාස ලබන පාර්ලිමේන්තු සැසියට පෙර මන්ත්‍රීවරුන්ට ලබාදීමට නියමිතව ඇත. එම නිවාස හතලිස් පහ ලබාගැනිමට මන්ත්‍රීවරු හැත්තෑ පස් දෙනෙක් බලා සිටී. එම මන්ත්‍රීවරුන්ට නිවාස හිමිවන්නේ තමන් පදිංචි දිස්ත්‍රීක්කයේ සිට පවතින දුර අනුවය.