තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) සිට ආරම්භ වන බව මැතිවරණ කොමිසම පවසයි.

අද දිනයේ මෙන්ම අප්‍රේල්  25, 28 සහ 29 යන දින තුනේ ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව එම කොමිසම සඳහන් කළේය.