ජනාධිපති අපේක්ෂකගේ සාදයට පොලිසිය පැනලා – බෝතලුත් අහුවෙලා

ජනාධිපති අපේක්ෂකයෙක්ගේ ප්‍රධානත්වයෙන් විද්වත් හමුවක් ලෙස පැවැත්වීමට සංවිධානය කර තිබු මත්පැන් ද සහිත සාදයක් මැතිවරණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලය විසින් අත්හිටුවා තිබෙනවා.

මැතිවරණ නිලධාරීන් පොලිසිය සමග හෝටලයට ගොස් ඒ සඳහා සැකසූ ආහාර සහ මත්පැන් බෝතල් පොලිසිය භාරයට ගනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අදාළ ජනාධිපති අපේක්ෂකවරයා සම්බන්ධ කර ගැනීමට srilankanews.lk උත්සහ කළත් ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වුවේ නැහැ.