ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් තරගාවලියේ දෙවන අදියරනොවැම්බරයේදී

ශ්‍රී ලංකාවේ වසරේ දැවැන්තම හොකී තරගාවලිය ලෙස සැලකෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් (Premier Hockey League (PHL) Sri Lanka ) දෙවන අදියර, නොවැම්බර් මස පළමු සතියේ ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ නිල මාධ්‍ය හමුවක් එහි සංවිධායකයන් වන Nextgen Hockey Development Society විසින් පසුගියදා කොළඹදී සංවිධාන කර තිබිණි.