”
වත්මන් ජනාධිපතිවරයා මේ රටේ ජනතාව නැවත වරක් අමාරුවේ දමන්නට ගියහොත් හැට නම ලක්ෂයක් ඡන්ද ගත් ඝෝඨා එලවූ ලෙසින්ම අනුර කුමාරට ගෝ හෝම් කියන්න
තමා දෙවරක් නොසිතන බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.
යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වූයේනම් රාජ්‍ය සේවාකයන්ගේ වැටු වැඩිවීම, බදු සහන ලබදීම ඇතුලු යෝජනා මේවන විටත් අයවැය යෝජනා වලට ඇතුලත් කර අවසන් බවත්, එසේ වූයේනම් එලබෙන ජනවාරියේ රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් නියත ලෙසම වැඩිවන බවත් ඔහු සඳහන් කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනා විසින් ගාල්ලේ අද සංවිධනය කර තිබූ නව ප්රජාතාන්ත්රවාදී පෙරමුණේ රැළියකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා මේ ලෙස සිය අදහස් දක්වීය. හිටපු ජනාධිපති රනිල් වික්රමසිහද සහභාගීවූ මෙම ජනහමුවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු මේ ලෙස පැවසීය.
”පඩි වැඩි කරනන, බදු අඩු කරන්න අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල වැට් එක කපන්න ආපු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා දැන් හැමදේටම බදු ගහන්න පටන් අරගෙන. රනිල්ගේ බදු නරකයි කියපු එයා දැන් දිගට හරහාට අනුර බදු ගහන්නවා. ඊයේ පෙරෙදා හාල්මැස්සන්ට ගහුවේ අනුර බදු. සීනි වලට දැන් ගහන්නේ අනුර බදු . උම්බලකඩ වලට ගැහුවෙ අනුර බදු, පරිප්පු වලට අලවලට හැම දේකටන බදු ගැහුවා. දැන් කියනවා වැට් එක අඩු කරන්නෙ ඡන්දයෙන් පස්සේ . පඩි වැඩි කිරීම අයවැයෙන් පස්සේ කියන්වා.
අද ජනාධිපති පුටුවට රනිල් පත් වුනනම් අද වෙනකොට රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරන්න, වැට් අඩු කරන්න, උපයන විට බෙවීමේ බද්ද අඩු කරන එක අයවැය යෝජනාවලට ගිහිල්ලා ජනවාරියේ ජනතාවට සහන ලැබෙනවා. අන්න ඒ අවස්ථාව තමයි 42% සුළුතර ප්‍රජාව එකතුවෙලා නැතිකර ගත්තේ. විශ්‍රාම වැටුපද තව ගොඩාක් දෙවල් ඒ වගේ නැතිකර ගත්තා.
හැබැයි මිනිස්සු හිතුවා දුක් විඳින පෝය ඉවර සැප්තැම්බර් මාසයෙන් . ඊට පස්සේ එන්නේ සැප විඳින ඔක්තෝබර් පෝය කියලා . ඔන්න සැප විඳින පළවෙනි පෝය පහු වුනා. මිනිස්සු බලාන හිටියා එක මාසෙ පඩියෙන් අයි ෆෝන් එකක් ගන්න, මාසේ පඩියෙන් කාර් එකක් ගන්න. පෙට්‍රල් 150 ට ගහන්න. බිත්තරේ 18 ට කන්න. උගන්ඩාවේ තියන සල්ලි ගෙනල්ලා සැප විඳින්න. ඒත් කණගාටුයි. අද මාළිමාවට ඡන්දය දීපු ජනතව වික්ශිප්ත වෙලා. උගන්ඩාවේ සල්ලි ගේනවා කීවේ කොට්ටච්චි නෝනා. දන් එයා කියනවා මම එහෙම කීවේ බොරුවට කියලා. ඒ මදිවාට ටිල්වින් සිල්වා කියනවා උගන්ඩාවේ සල්ලි ගේනවා කීවේ නෑ කියලා.
අපි ටිල්වින්ට අභියෝ දෙකක් කරනවා. මෙච්චරක් කල් කීවානේ පිටරට සල්ලි හංගලා තියනවා කියලා . එහෙනම් කියන්න එළියට ඇවිල්ලා කොහේද ඒ සල්ලි හංගලා තියෙන්නේ කියලා. අනිත් අභියෝගය අර කළුතරින් ඡන්දේ ඉල්ලන කොට්ටච්චි නෝනා මාළිමාවේ නොවේද .
තව අවුරුදු දෙක තුනකින් පස්සේ ඕනම කෙනෙකුට රට කරන්න පුළුවන් තත්ත්වයකට රටේ ආර්ථිකය හදලා දෙන්න තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා උත්සහ කළේ . ඒවගේ වෙලාවක බලයට කෑදර කමින්, වෛරය වපුරලා, බොරු කියලා බලය ගත්ත අනුර කුමාරගෙ කෙබර කණ්ඩායම රටේ මිනිස්සුන්ට කහ ගැස් නැති කළා. පසුගිය සතියේ නිල් ගෑස් එකේ මිල රුපියල් 650 කින් වැඩිකරන්න නියම වෙලා තිබුනා. ඒක කරන්න දුන්නෙ නෑ. ඡන්දය නිසා. තව මසයක් ගියාම, ඒ කියන්නේ ඡන්දය ඉවර උනාම නිල් ගෑස් එක ලොවෙත් නැති ගානට රුපියල් 1200 කින් වැඩි වෙනවා කියලා මතක තියාගන්න. ඒක තමයි පලවෙනි ඡන්ද ප්‍රතිඵලය.
පිටරටවල අපේ දරුවෝ ඉගෙන ගන්නවා. ඒ අයට සල්ලි ලංකාවේ ඉන්න දෙමාපියෝ යවනවා. මේ ආණ්ඩුව ඊයේ සියළුම බැංකුවලට නියෝගයක් නිකුත් කරලා තියනවා පිටරටවලට සල්ලි යවීමේදී සීමා පනවලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමාගේ කාලයේදී ඒවාගේ සිමා තිබුනේ නෑ . ඇයි ඒ එදා ඩොලර් සංචිත තිබුනා. ජේ.වී.පී එකේ සුනිල් හඳුන්නෙත්ති පිටරට ගිය ලාංකිකයන්ට කීවා රට වට්ටමු. ලංකාවට සල්ලි යවන්න එපා කියලා . එහෙම කරත් අපිට පුළුවන් උනා ඩොලර් මිලියන 13500 මේ රටට ගෙන්න ගන්න. ඒ සල්ලි වලින් තමා ජනාධිපති තුමා මේ රටට තෙල්, ගැස් , බෙහෙත්, ගැස් ඔක්කොම ගෙනාවේ. විදේශ රැකියා ඇමති හැටියට ඒකට සම්බන්ධ වෙන්න මටත් හැකිවුනා.
ඒක නිසා තමා අද මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. අද ඒ අය රැස්වීම් තියනවා. අපිට බනිනවා . ඒවට යන්නත් තෙල් ටික ගහගන්නේ අපි ඉතුරු කරලා ගිය ඩොලර් මිලියන 6500 න් කියලා මතක් කරන්න ඕන. ජනධිපතිවරණයේදී ඡන්ද කෝටියක් ගන්නවා කීවාට ගත්තේ ලක්ෂ 56 යි. ඒ කියන්නේ 42%. ඇල්පිටියේදී ඒකේ බහින කලාව පටන් ගත්තා . පාර්ලිමේන්තුව 225 ම මාළිමාවෙන් පුරවනවා කීවා. ටික දවස්ක් යනකොට කියනවා අපිට 3/2 දෙන්න කියලා. දැන් ටිල්වින් සිල්වා කියනවා පුළුවන්නම් අනෙ අපිට 113 ක් වත් දෙන්න කියලා. මතක තියාගන්න 113 නොවේ මේ අයට ආසන හැට හැත්තෑවක්වත් ගන්න වෙන්නේ නෑ . මේ සටනින් බහුතරය දිනාගන්නේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එන නව ප්රජාතාන්ත්රවදී පෙරමුණේ සිලින්ඩරය ලකුණින් එන කණ්ඩායම කියන එක .
ඒත් අරගොල්ලන්ගෙනුත් ටිකක් එනවා. ගාල්ලෙන් එනවා නලීන් හේවගේ. එයා තමයි කීවේ ලක්ෂ 12 ට විට්ස් කාර් දෙනවා කියලා හැමෝටම. විට්ස් කාර් දැන් ජපානයේ හදන්නෙත් නැ. මේ තමයි මේ අයගේ දැනුම . ඊට පස්සෙ කියනවා හැම ගමකටම හැම සතියකම රූකඩ සන්දර්ශනයක් ගේනවාලු. සතියට පාරක් පැදුරු සජ්ජයක් තියනවාලු. නාට්‍යක් පෙන්නන්වාලු. විනෝස්වාදය දෙන්න ඕනලු . රූකඩ නටවන්න ඕන නෑ . නලීන් හේවගේලා පාර්ලිමේන්තු ගියාම මුළු රටටම විහිළු සපයන්න පුළුවන් .
ඊට පස්සේ අර නාමල් කරුණාරත්න. එයා එනවා දෙරණේ වාද පිටියට . ඇවිත් කියනවා
බුරම්පි මාමා ණය ගත්ත හැටි. ගමේ මිනිස්සු මෝඩ මිනිස්සු කියලා හිතාන තමයි මේවා කියන්නේ. ඔය නාමල් කරුණාරත්න තමයි ගොවියෝ අනාථ කළේ. අද සද්ද නෑ. එයත් එනවා පාර්ලිමේන්තුවට.
තව එනවා ලාල් කාන්ත . කියන කථා හැමෝම දනන්වානේ. එයාට හම්බවෙන්නේ වනිතා කටයුතු ඇමතිකම . එයා හැමගෙදරකම කුස්සි ටික හදනවා ගෙයින් එළියේ . මොකද අපේ කාන්තාවෝ රාත්‍රීයට උදේ පාන්දරට කාන්තවෝ රාත්‍රී ඇඳුමෙන් එහා මෙහා යනව බලන්න . මේව මම නොවේ කියන්නේ එයාමයි.
තව එනවා මාතර හඳුන්නෙත්ති . එයාගේ ජයශාන්ත අයියා පළවෙනි ඩොලර් මිලියනය එවනවා කීවා. ඩොලර් වැස්සක් වස්සනවා කිවා. කෝ තාම මුකුත් නෑ. තව එනවා මගේ මිත්‍රයා වසන්ත සමරසිංහ. මොකද මම කිවා කප්පම් වසන්ත කියලා. ඒ හින්දා එයාට මාව පෙන්නන්න බෑ. දන් අපි එයාට කියන්නේ බිත්තර වසන්ත. ඉල්ලුම සැපයුම අනුව බිත්තර මිල අඩු උනාම එයා තමා කීවේ බිත්තරෙන් රුපියල් අටක් හොරකම් කරනවා කියලා . දැන් ආපහු බිත්තරේ ගනන් ගියාම මිනිහාගෙ කටේ බිත්තරයක් හිර වෙලා වගේ කට වැහිලා.
තව කොට්ටච්චි නෝනත් එනවා. ඊට අමතවර වර්ජණ කරලා රට පස්සට ඇදපු වෘත්තීය සමිති නායකයෝ මේ සැරේ පාර්ලිමේන්තු එනවා තෙල්, ප්‍රවාහන ගුරු වගෙ සියළු සේවා අඩාල කරපු වර්ජකයෝ මේ පාර එනවා පාර්ලිමේන්තුවට . ඒක නිසා ලක්ෂ්මන් නිපුනාඅරච්චි කියනවා වෘත්තීය සමිති විසුරවලා දානවා කියලා. ඒ කියන්නේ මෙච්චර කල් මේ රට විනාස කරපු කරුමය ජ.වි.පෙ වෘත්තීය සමිති කියලා මේ අය පිළිගන්නව.
අපි අද මැතිවරණයකට මුහුණ දීලා තියනවා. මාත් මැතිවරණයට ඉදිරිපත් වෙලා තියනවා. එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිවෙලා හිටපු වෙලාවේ, දින 51 කුමන්ත්‍රණය සිද්දවුන වෙලාවේ මම ඇමතිකම අතහැරලා ආවා කුමන්ත්‍රණය පරාජය කරලා එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්න . අගමැතිවරයා ආරක්ෂා කරන්න
මම එදා ඒ විදියට පලවෙනි පියවර තැබුවා . ඊට පස්සේ පක්ෂය දෙකඩ වුනා . ඝෝඨාභය වියත් මග එක්ක එකතුවෙලා රටේ මිනිස්සු අපායට දානකොට පාරට බැහැලා ඝෝඨා ගෝ කියන්න අපිට කොන්ද තිබුනා. ඒත් එතන හිටපු නායකයන්ට ඒ කොන්ද තිබුනේ නෑ.
රට වැටුන වෙලාවේ රටේ මිනිස්සුන්ට ජීවත්වෙන්න බැරිවෙච්ච වෙලාවේ අපි තීරණයක් ගත්තා . අවදානම් තීරණයක් ගත්තා. හැමෝම කියනවා ස.ජ.බෙ හිටියානම් මොකද ගෙදර හිටියත් දිනනවානේ කියලා. මම හිතන්නේ එහෙම නොවේ. මගේ මන්ත්‍රීකම ඇමතිකම මට අදාල නෑ. සතියෙන් දෙකෙන් අපේ දේශපාලන ජීවිතය විනාශ වෙන්න තිබුනා. අපි ජීවිත අවධානමක් ගත්තා. අමරකීර්ති මන්ත්‍රි තුමා මරා දාද්දී. මැති ඇමති වරුන්ගේ ගෙවල් ගිනි තියද්දී, එදා තීන්දුව ගත්තා මන්ත්‍රී කම ඇමතිකම නොවේ මිනිස්සු වෙනුවෙන් දේශපාලනය කරන්න .
සජිත් ප්‍රේමදාස වගේ මිනිස්සු මැරිලා වැටෙනකොට තමන්ගේ ජනාධිපති සිහිනය වෙනුවෙ ඇස්පියාගෙන් ඉන්න රනිල් වික්‍රමසිංහ අපිට උගන්වලා තියනවා. එතුමා අපිට කියා දුන්නේ වගකීම් බාරා ගන්න. එදා ඒ වගකීම හරීන් සහ මම බාරගත්තා . මේ රටේ දෙකෝටි විසිලක්ෂයක් ජනතව ජිවත් කරන්න රනිල් වික්‍රමසිංහ ජනධිපතිතුමාට සහය වෙන්න අපිට පුලුවන් වුනා .