ශ්‍රී ලංකාව තෙවන විනිසුරුට එරෙහි වෙයි – මෙන්න තීරණය

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (06) පැවති තරගයේ දී තෙවන විනිසුරුවරයා ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබෙනවා.

හතර වන පන්දුවාරයේ පළමුව පන්දුවේ දී ප්‍රධාන විනිසුරුවරයා දැවීයාමේ තීන්දුවක් ලබාදුන් අතර තෙවන විනිසුරුවරයා එය නොදැවී යාමක් ලෙස ප්‍රකාශයට පත්කළා.

තරග තීරකවරයා හරහා අදාළ පැමිණිල්ල සිදුකිරීමට ශ්‍රීලංකා කණ්ඩායම සුදානම් වනවා.

සිව්වන පන්දුවාරයේ පළමු පන්දුව සෞම්‍ය ශංකර්ගේ පිත්තේ ගෑවී කුසල් මෙන්ඩිස් රැකගනු ලැබූ අතර පිටියේ විනිසුරුවරයා සෞම්‍ය ශංකර් දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම්කළා.

Ultra edge තාක්ෂණය පරීක්ෂා කිරීමේදී එය පිත්තේ ගෑවී යන බවට පෙණුම් කළද තෙවැනි විනිසුරු තීරණය කළේ ඔහු නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස නම් කිරීමටයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!