24 ක් බිලිගත් ” යාගි ”

වියට්නාමයට කඩා වැදුණු යාගි සුළි කුණාටුව හේතුවෙන් එරට ජනතාව පීඩවට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් වියට්නාමයේ 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තුවාල ලැබු සංඛ්‍යාව 299 ක්.

පැයට කිලෝමීටර 203ක වේගයකින් සුළි කුණාටුව හමාගොස් ඇති අතර මේ හේතුවෙන් නායයාම් රැසක්ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

2024 වසරේ ආසියානු කලාපයට කඩා වැදුණු දරුණුතම සුළි කුණාටුව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.