මාස්ටර්ස් ලීග් ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සහ දකුණු අප්රිකානු මාස්ටර්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්රිකානු කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 180ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්රීඩා කිරීමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 2ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.
එහිදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසේල ගුණරත්න නොදැවී ලකුණු 59ක් සහ චින්තක ජයසිංහ 51ක් රැස් කළ අතර උපුල් තරංග ලකුණු 29ක් රැස් කළා.