සැම විටම රනිල්ගේ දර්ශනය අගයනවා- ඉන්දීය අගමැති රනිල් ගැන කියන කතාව

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් පැවති අතර හමුව ගැන ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ තමන් සැම විටම රනිල්ගේ දර්ශනය අගය කරන බවය.

එහිදී රනිල් වික්‍රමසිංහ අමතා තිබුණේ තමන්ගේ මිත්‍රයා ලෙසයි.

“NXT සමුළුවේදී මගේ මිත්‍ර රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. මම සැමවිටම අපගේ අන්තර්ක්‍රියා දෙස බලා සිටි අතර විවිධ ගැටළු සම්බන්ධයෙන් ඔහුගේ ඉදිරිදර්ශනය අගය කර ඇත්තෙමි” යනුවෙන් ටිව්ටර් පණිවුඩයේ දැක්වේ.

ඉන්දියාව පිළිබදව සවිස්තරාත්මකව දැනගැනීමට ලෝකයට අවශ්‍යව තිබෙන බවද, ලෝකය පුරා සිටින මිනිසුන් ඉන්දියාවේ සංචාරය කිරීමට උනන්දු වන බවද මෝදි මෙම සමුළුව අමතමින් සදහන් කළේය. අද ඉන්දියාව යනු සෑම දිනකම ධනාත්මක ප්‍රවෘත්ති නිර්මාණය කරන රටක් බවද මෝදි සදහන් කර සිටියේය.