විපක්ෂ නායකගේ ඛේදවාචකය පසුපස ඉන්න පොලිස් ලොක්කා

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත මහතා ඊයේ (29දා) අලුයම සිය නිවසේ දී ඔහුගේ බිරිඳ හා දියණිය ඝාතනය කර තමන්ද ජිවිතයෙන් සමුගෙන ඇති බවට සැක කරමින් පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිස කලක් යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ද හෙබවූ චම්පික නිලන්ත මහතා පසුව සමගි ජනබලවේගය හා එක්විය. පසුගිය පළාත් පාලන මැතිවරණයට සමගි ජන සන්ධානයෙන් ඉදිරිපත් වූ ඒ මහතා කොට්ඨාසය ජයග්‍රහණය කරමින් යටිනුවර ප්‍රාදේශීය සභාවට තේරී විපක්ෂ නායක ධුරයට පත්විය.

විපක්ෂ නායකවරයා ඔහු සතු මෝටර් රථය විකුණා පොලියට මුදල් ලබාගත් ව්‍යාපාරිකයාට පසුගිය මාර්තු මාසයේදී ලක්ෂ 15 ක පමණ මුදලක් ලබා දී තිබෙන බව ද වාර්තා වේ. ඉන් පසුව ද ඔහු දිගින් දිගටම මොහුට කරදර කර තිබෙන බව දැන ගන්නට තිබෙන අතර එහිදී එම ව්‍යාපාරිකයාට ඉහළ පොලිස් නිලධාරියකුගේ සහාය ද හිමිව ඇතැයි දැනගන්නට තිබේ.

එම ගැටලුව ඉක්මනින් විසඳා දීමට එක්තරා නීතිඥයකු මහනුවර ඉහළ පොලිස් නිලධාරියකුට ලබාදීමට බව කියමින් තමාගෙන් රුපියල් ලක්ෂ 05 ක් ඉල්ලා සිටි බව මිය ගිය විපක්ෂ නායකවරයා අවසන් වරට ලියා ඇති ලිපියක සඳහන් වේ.

ඒ සම්බන්ධයෙන් පහතින් නැරඹිය හැකියි.