දුම්රිය නියාමක වැසිකිලි ගිහින් දුම්රිය 125 ක් ප්‍රමාදයි

දකුණු කොරියාවේ සෝල් අගනුවර, දුම්රිය නියාමකවරයකුට හදිසියේ වැසිකිලි යෑමට සිදුවූ බැවින්, දුම්රිය 125 ක් ප්‍රමාද වූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

නියාමකවරයාට වැසිකිළි යෑමට සිදුවී ඇත්තේ දුම්රිය අතර මඟ නැවැතුම්පොළක නැවැත් වූ විටය.

ඔහු වහා දුම්රිය නැවැතුම්පොළේ වැසිකිළියට දිව ගොස් ආපසු ඒමට මිනිත්තු 4 ක් සහ තත්ත්පර 16 ක් ගත වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා..

සෝල් අගනුවර දුම්රිය ධාවනය මිනිත්තු කීපයකට වරක් නියමිත වේලාවට, එක පෙළට සිදුවන අතර සෙසු දුම්රිය 125 ට බලපෑම් එල්ලව තිබෙනවා.