දේශපාලන වේදිකාවලදී අසත්‍ය ප්‍රකාශ කරන මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් නිසා හානියක් සිදුවන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පිළිගනී.
දෙරණ 360 වැඩසටහනට ඊයේ දිනයේදී අමාත්‍යවරයා පැමිණි අතර ඔහුගෙන් මාලිමා ආණ්ඩුවේ බොරු කියන මන්ත්‍රීවරුන් පිළිබද ප්‍රශ්ණ කෙරිණි.
එවැනි ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන් හතර පස් දෙනෙක් සිටින බව ඇමැතිවරයා පිළිගත් අතර ඔවුන් සමග සාකච්ඡා කරන බවද කීවේය.
වැඩිදුරත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ආපු කණ්ඩායමක් හැටියට අපි කියන දේවල් පිළිබද සාමාන්‍ය වගවීමට වඩා වැඩි වගවීමක් ගන්න ඕන. අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ 159 යම ඒ වගවීම වගකීම තිබේය කියන එක තමයි ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව. මේ වෙන අතපසුවීම් හරි අඩුපාඩු හරි යම් හානියක් කරනවා. සචේතනිකව, අචේතනිකව කියන දේකින් මේක වෙනවා. වෙන අඩුපාඩු භාරගන්නවා. ඔය කියන දේවල් නිවරදි කරගැනීමට උත්සාහ ගනිමින් ඉන්නවා.
පක්ෂයක් හැටියට, කණ්ඩායමක් හැටියට මේවාට මැදිහත්වෙනවා. ඒවා ඔහේ අතහැරලා තියන්නේනෑ. ඔය හැම කෙනෙක් එක්කම සාකච්ඡා කරනවා. හැම කෙනෙක්ම නිවරදි කරන්න හදනවා. ඒ වෙච්ච සිදුවීම ආදර්ශයක් කරගෙන මුළු කණ්ඩායමත් එක්කම සාකච්ඡා කරනවා.
ආණ්ඩුවම බොරු තමයි කියන්නේ කියලා කියන්න බැහැ. පුද්ගලයින්, තුන්දෙනෙක්, හතර දෙනෙක්, පස් දෙනෙක් කරන ලද ප්‍රකාශවල අඩු පාඩුකම් අල්ලාගෙන ආණ්ඩුවට දැවැන්ත විවේචනයක් කරන්න හදනවා, බොරු කියන ආණ්ඩුවක් කියලා.
ඒ අඩුපාඩු කැබිනට් මාධ්‍ය හමුවේදී ඒවා නිවරදි කිරීමට කටයුතු කරනු ලැබුවා.