ඉන්දු පකිස්ථාන් යුද ගැටුම් උත්සන්න වෙමින් තිබියදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව අවස්ථා තුනකදී රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට ගොස් ඇති අතර මෙවර ඔහු ඉන්දියාවේ සංචාරය කරන්නේ මැතිවරණයෙන් පසුව සිව්වැනි වරටය.
හින්දු පුවත්පතේ පස්වන සංස්කරණයට අදාළව ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් හි පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා රනිල් වික්‍රමසිංහට ආරාධනා කර තිබේ. ඒ අනුව ඔහු එහි ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.
කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ශ්‍රී සිද්ධරාමණී මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන අතර දින දෙකක් පුරා උත්සවය පැවැත්වීමට සූදානම් කර ඇත.